භාවිතකරුවන්ට (වෙනත් ආකාරයෙන් පහත දී “ඔබ” වශයෙන් හඳුන්වනු ලබන) මේ වෙබ් අඩවිය ගවේෂණය කළ හැකි අතර, හැකි අවස්ථාවලදී ඊට ද්‍රව්‍ය (විමර්ෂණ, සටහන් හෝ වෙනත් බහුමාධ්‍ය අන්තර්ගතයන්) වලින් දායක විය හැකිය. එහෙත්, එම භාවිතය සහ/හෝ දායකත්වය කිසිදු ආකාරයකින් නීතිවිරෝධී හෝ අප්‍රසන්න නොවිය යුතුය. භාවිතකරුවන්ට විශේෂයෙන් තහනම් කර ඇත්තේ:
මෙම භාවිතා කිරීමේ නියමයන් උල්ලංඝනය සහ/හෝ ඔබේ භාවිතය අත්හිටුවීමට තුඩු දෙන බවට ඔවුන්ගේ තනි අභිමතය පරිදි තීරණය කරනු ලබන ඕනෑම ද්‍රව්‍යයන් Flora FG විසින් වහාම ඉවත් කෙරෙනු ඇත.
Flora FG විසින් හෝ ඔවුන් වෙනුවෙන් අපගේ වෙබ් අඩවි වල පල කෙරෙන ඕනෑම සහ සියළුම ද්‍රව්‍ය වල, පිටපත් සහ වෙළඳ සලකුණු ඇතුළුව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් වල හිමිකම ඇත්තේ Flora FG ට සහ ඔවුන්ගේ බලපත්‍රලාභීන්ටය.
එසේ දක්වා නොමැති නම් මිස, භාවිතාකරුවන්ට වෙබ් අඩවියෙන් උපුටනයන් පිටපත් කර ගත හැකිවන්නේ, නීතිමය ආකාරයට සහ පුද්ගලික සමුද්දේශය (එනම්, වාණිජ-නොවන) සඳහා වන අතර සියළුම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් එලෙසම තබා ගෙන ඒවාට ගරු කරන්නේ නම් පමණකි. ඒ එම අන්තර්ගතයන් තුළ ඇතුළත් ඕනෑම ප්‍රකාශන හිමිකමක් ඇතුළුවය (උදා: © Flora FG)
අපගේ වෙබ් අඩවි වලට දැකවෙන තෙවැනි පාර්ශවයන්ට අයත් අන්තර්ගතයන්ගේ තනි වගකීම එම සංස්ථීතිය ලබා දෙන පුද්ගලයා සතුය. තෙවැනි පාර්ශවයන්ගේ බුද්ධිමය දේපල අයිතිවාසිකම්, වෙනත් අදාල නීති හෝ Flora FG ප්‍රතිපත්තීන්, උල්ලංඝනය කරන බවට අප සාධාරණව විශ්වාස කරන්නේ නම්, කලින් කලට Flora FG විසින් එම අන්තර්ගතයන් විමර්ෂණයට ලක් කර ඒවා ඉවත් කිරීම හෝ තෙවැනි පාර්ශව අන්තර්ගතයන් ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ඇති නමුත් ඕනෑම තෙවැනි පාර්ශව අන්තර්ගතයන් සඳහා Flora FG වග නොකියනු ලබයි.
අපගේ වෙබ් අඩවි තුළ යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් ගැන සඳහනක් කිරීම, එම නිෂ්පාදනය හෝ සේවාව විකිණීම හෝ සපයා දෙන බව අදහස් නොකරන අතර, එම නිෂ්පාදනය හෝ සේවාව සියළුම රටවල් වලින් ලබා ගත හැකි බව ද අදහස් නොකරයි. එසේම එහි නාමය, විස්තරය හෝ පිරිවිතර, ඒ සම්බන්ධ හිමිකම් හෝ ඒවා සන්නාමකරණය කිරීම, වෙබ් අඩවියේ ඇතුළත් ලෙස සමාන වන්නේ යැයිද අදහස් නොකෙරේ. යම් විශේෂිත නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබා ගැනීමේ හැකියාව සහ එහි සුදුසුබව සම්බන්ධයෙන් විශේෂිත වූ උපදෙස් ලබා ගත යුත්තේ දේශීය Flora FG සමාගමෙන් හෝ ඊට අදාල බෙදාහරින්නා ගෙන් ය.
සියළුම අන්තර්ගතයන්, ක්‍රියාවන් සහ තොරතුරු අපගේ වෙබ් අඩවි තුළින් ලබා දෙන්නේ “පවතින ආකාරයටම” සහ “ලබා ගැනීමේ හැකියාව” මත පදනම්වය. ඔබ අපගේ වෙබ් අඩවි භාවිතා කිරීමට එකඟ වන්නේ අවදානම ඔබ සතුව තබා ගෙනයි. මේ තොරතුරු, මෙම වෙබ් අඩවිය තුළ ඇතුළත් කර ඇත්තේ යහපත් විශ්වාසයක් ඇති ව වන නමුත්, ඒවා සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ අරමුණු සඳහා පමණි. යම් විශේෂිත අරමුණක් සඳහා ඒ මත විශ්වාසය නොතැබිය යුතු අතර, Flora FG විසින් එය ලබා ගැනීමේ හැකියාව, එහි ආරක්ෂාව, නිවැරදිභාවය හෝ සම්පූර්ණත්වය හෝ එහි නිෂ්පාදන හෝ සේවා සම්බන්ධයෙන් කිසිදු නියෝජනයක් හෝ වගකීමක් ලබා නොදෙයි.
Flora FG හෝ එහි නිලධාරීන්, සේවා නියුක්තිකයන් හෝ නියෝජිතයන්, අපගේ වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම, ඒවා භාවිතය හෝ ඒවායේ අන්තර්ගතයන් හෝ ඒවාට සම්බන්ධ වෙබ් අඩවි සම්බන්ධක නිසාවෙන් කිසිදු අහිමිවීමකට, අලාභයකට හෝ ඒ හේතුවෙන් ඇති වන වියදමකට කිසිදු සහතිකයක් ලබා නොදෙන අතර, ඒ වෙනුවෙන් වග කියන්නේද නැත. ඒ කිසිදු සීමාවක් නොමැතිව, කිසිදු ආදායමක් හෝ ලාභයක් අහිමිවීමක් නැතිව, වක්‍රව, ආනුෂංගිකව හෝ සංවිපාකී අහිමිවීමක් හෝ අලාභයක් ඇතුළත්වයි (නමුත් ඒ එවැනි බැහැර කිරීමක්, අදාල නීතිය මගින් සීමා කරන තරමට හැරයි.) ඔබගේ තනි සහ බහිෂ්කාර විසඳුම වන්නේ වෙබ් අඩවිය භාවිතා කිරීමට නතර කිරීමයි.
Flora FG හි ප්‍රතිපත්තිය වන්නේ නිෂ්පාදන හෝ සේවා වැඩි දියුණු කිරීමට, නව නිෂ්පාදන හෝ සේවා අදහස් හෝ Flora FG වලින් බාහිරව අලෙවිකරණ අදහස්, සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් නොකොට ලද යෝජනාවන් පිළි නොගැනීමයි. ඉල්ලීමක් රහිතව අප වෙත එවන ඕනෑම යෝජනාවන් හෝ ආහාර වට්ටෝරු ඇතුළු තොරතුරු, වලට සලකනු ලබන්නේ හිමිකාරිත්වයක් නොමැති සහ රහසිගත නොවන ආකාරයට වන අතර, ඒවා කිසිදු වන්දියක් ගෙවීමෙන් තොරව Flora FG හි දේපල බවට පත් වී අපගේ අසීමීත අභිමතයන් පරිදි අපගේ ආනුෂංගික භාවිතය සඳහා ම වනු ඇත.
ඔබ නියෝජනය කරන හෝ පූර්ණ අයිතිය, හිමිකම් අයිතිය හෝ එවැනි අන්තර්ගතයන් වලට ඇති ලැදියාව සහිතව ඔබ යම් අන්තර්ගතයන් අප්ලෝඩ් කරන්නේ නම් හෝ වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඔබට, ඒවා වෙබ් අඩවියට ඉදිරිපත් කිරීමේ අයිතිය ඔබ සතු වේ. ඔබ ඉදිරිපත් කරන යම් සමාලෝචන, අදහස්, සටහන් හෝ බහුමාධ්‍ය අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඔබ එකඟ වන්නේ Flora FG විසින් එය රහසිගත-නොවන ලෙසටත් එය Flora FG වෙත ලබා දෙන්නේ හිමිකාරභාගයෙන් නිදහස්ව බවටත්, සම්පූර්ණයෙන් ගෙවීමක් කරන ලද බවටත්, නිරන්තර, භාවිතා කිරීමට ලෝකය පුරා බලපත්‍රයක් (ඒ එම දේ, නිරාවරණය කිරීම, පිටපත් කිරීම, සම්ප්‍රේෂණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ ඕනෑම මාධ්‍යයන එය විකාශනය කිරීම ඇතුළුව) ඇති බවටත් ඔවුන් එය සලකනු ලබන බවටයි.
අපගේ වෙබ් අඩවි වල යම් වෙනස්කම් සහ නිවැරදි කිරීම් සඳහා ඇති අයිතිය Flora FG සතු වන අතර, ඒ සුදුසු යැයි Flora FGට හැඟෙන අවස්ථාවකදී කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කළ හැකි වනු ඇත මේ පිටවු තුළ නියමයන් සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් පිළිබඳ දැනුම් දීමක සටහනක් අප යොදන අතර ඒ බව සඳහන් කර නැත්නම්, ඒවා වහාම බලපානු ඇත. එම භාවිතා කිරීමේ නියමයන් සහ වෙනස්කම් සමාලෝචනය සඳහා භාවිතාකරුවන් මෙම පිටුව වෙත කලින් කලට යොමු විය යුතුය. ඔබ, වෙනස් කරන ලද නියමයන් හා එකඟ නොවන්නේ නම්, භාවිතා කිරීම නතර කර දැමිය යුතුය.
වෙබ් අඩවිය තුළ විවිධ ස්ථාන වලදී, ඔබට Flora FG වලින් බාහිර, මේ වෙබ් අඩවියේ යම් විශේෂ අංගයකට අදාලව, වෙනත් අන්තර්ජාල වෙබ් අඩවි වෙත ස්වයංක්‍රීය සම්බන්ධක ඔබට ලබා දීමේ හැකියාව ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ, Flora FG හෝ එහි අනුබද්ධ ආයතන, අවශ්‍යයෙන්ම මේ වෙනත් ඕනෑම වෙබ් අඩවික්ය හෝ ඒවායේ හිමිකරුවන් හා සම්බන්ධ වන බව නොවේ.
මෙහි ඇති වෙනත් වෙබ් අඩවි හෝ එහි අඩංගු කිසිදු තොරතුරක් වෙනුවෙන් Flora FG හෝ එහි නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, සේවකයින් හෝ නියෝජිතයින් කිසිදු ආකාරයකින් වගකීමක් හෝ බැඳීමක් නැති අතර, ඒවා පාලනය Flora FG යටතේ නොපවතින අතර ඒවා සත්‍යාපනය කිරීම හෝ අනුමත කිරීම ඔවුන් විසින් සිදු කර නොමැත.
මෙහි සඳහන් අනෙකුත් වෙබ් අඩවි වලට ඇතුලු වීමට පෙර සහ ඒවා භාවිතා කිරීමට පෙර, අදාල භාවිතා නියමයන් සහ කොන්දේසි මෙන්ම ඒවායේ රහස්‍යතා ප්‍රතිපත්ති පරීක්ෂා කිරීමට ඔබට ඇරයුම් කරමු.
Flora FG හී කීර්ති නාමයට හානි වන අයුරින් හෝ එය අවභාවිත කිරීම වැලැක්වීම වෙනුවෙන්, Flora Fg සමඟ යම් අන්දමක ආශ්‍රයක්, අනුමැතියක් හෝ සහතිකයක් නැති අවස්ථාවක එවැන්නක් පවතින බවට, භාවිතාකරුවන් වෙබ් අඩවිය වෙත සම්බන්ධකයක් ස්ථාපිත කිරීම හෝ වෙනත් ආකාරයකින් එය හැඟවීම නොකළ යුතුය.
ලොව වටා වෙනත් රටවල් වලින් ද අපගේ වෙබ් අඩවි වලට ප්‍රවේශ විය හැකිය. මේ එක් එක් ස්ථාන වලට නීති, එක්සත් රාජධානියේ නීති වලට වඩා වෙනස් විය හැකිය. Flora FG විසින්, වෙබ් අඩවියේ විශේෂ අංග වලට වෙනත් රටක නීතිය අදාල වන බවට සඳහන් කරන්නේ නම් හැර, වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමෙන් භාවිතාකරු සහ Flora FG එකඟ වන්නේ, එංගලන්තයේ සහ වේලසයේ නිති, අපගේ වෙබ් අඩවි භාවිතා කිරීමේ නියමයන් සහ ඒවායේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් මතු වන සියළුම කාරණා වලට අදාල වන බවයි. ඔබ තව දුරටත් එකඟ වන්නේ, අප විසින් වෙනත් ආකාරයට නියම කර නොමැති නම් හැර, එංගලන්තයේ සහ වේල්සයේ අධිකරණ වලට එම කාරණා සම්බන්ධයෙන් ආනුෂංගික නොවන අධිකරණ බලයක් ඇති බවයි.
භාවිතා කරන ස්තානයේදී, මෙම නියමයන් වල යම් විධිවිධානයක් නීතී විරොධී හෝ බලාත්මක කල නොහැකි යැයි සලකනු ලැබුවහොත්, එය අදාළ කිරීම සඳහා කිසියම් වෙනස්කමක් හෝ, වෙනත් ආකාරයේ කොන්දේසි වලින් බැහැර වීමක් සිදු කර ඇති බවට සලකනු ලබන අතර, එය වෙනත් කිසිඳු කොන්දේසියක් බලාත්මක කිරීමට බලපාන්නෙ නැත.
මෙම නියමයන් හෝ අදාල නීති (සාධාරණව හෝ නැතිව) උල්ලංඝනය කරමින් යම් අන්තර්ගතයක් සටහන් තබා ඇති බවට විශ්වාස කෙරෙන හෝ එසේ කළ බවට චෝදනා ලැබ සිටින ඕනෑම කෙනෙකුගේ අනන්‍යතාව නිරාවරණය කරන මෙන් නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් හෝ අධිකරණ නියෝගයක් මගින් ඉල්ලා සිටිමක් හෝ නියෝගයක් කරනු ලැබුවහොත් ඒවා සමඟ පූර්ණ සහයෝගිත්වයෙන් කටයුතු කිරීමේ අයිතිය Flora FG සතුය.
Flora FG හි පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය (https://florafoodgroup.com/privacypolicy/index.html) සහ කුකී ප්‍රතිපත්තිය (https://florafoodgroup.com/cookiepolicy/index.html) මෙම වෙබ් අඩවිය සමඟ බෙදාගන්නා හෝ ඒ මතට යොදන කුකීස් ඕනෑම සහ/හෝ සියළුම පුද්ගලික දත්ත වලට අදාල වේ.
මෙම භාවිතාකරු නියමයන් සම්බන්ධයෙන් ඔබට යම් ප්‍රශ්න හෝ අදහස් ඇත්නම්, කරුණාකර ඒවා ඉදිරිපත් කරන්න> වෙත